Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 661ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 06ක් අද (28) තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 661කි.

656 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පල්ලේගම ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමියෙකි. මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 අප්‍රේල් 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

657 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වීරපොකුණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි. හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 අප්‍රේල් 27 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂවීම වේ.

Giraya News Alerts

658 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, හාලිඇල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමියෙකි. බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර ම රෝහලේ දී 2021 අප්‍රේල් 28 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියාවයි.

659 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකි මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට 2021 අප්‍රේල් 23 වන දින කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහල වෙත මාරු කර යවන අවස්ථාවේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් උග්‍ර වූ හෘද රෝගී තත්ත්වයයි.

660 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමියෙකි. වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 අප්‍රේල් 24 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් සිදු වූ පෙනහළු ආසාදනයයි.

661 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වත්තල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමියෙකි. වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 අප්‍රේල් 27 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top