Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පෑලියගොඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා යළි සේවයේ පිහිටුවයි

හිටපු ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ පුත් මිගාර ගුණරත්නට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි පෑලියගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් ලෙනාඩ් සිල්වා යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් විනය පරීක්ෂණයකට යටත්ව හිටපු ස්ථානාධිපතිවරයාව යළි සේවයේ පිහිටුවා ඇති බව වාර්තා වේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වන මිගාර ගුණරත්න හට පෑලියගොඩ පොලිස් ස්ථානයේ දී අමානුෂික ලෙස පහරදීමක් සිදුව තිබූ අතර එහිදී තුවාල ලැබූ ඔහුව රාගම රෝහලට ඇතුළත් කර තිබිණි.

Giraya News Alerts

පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන්නැයි මහජන ආරක්ෂාව භාර අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් උපදෙස් ලබා දී තිබිණි.

එම සිද්ධියට අදාළව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකු වැඩ තහනමට ලක් කෙරුණු අතර ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ද ක්‍රියාත්මක විය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී අදාළ ස්ථානාධිපතිවරයා මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ නොමැති බවට තහවුරු වී තිබේ. ඒ අනුව ඔහු යළි සේවයේ පිහිටුවන ලෙස අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකෙරෙන අතර මෙම ස්ථානාධිපතිවරයාට එරෙහිව ද විනය පරීක්ෂණයක් පැවැත්වේ.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top