Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 655ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 08ක් ඊයේ (27) දිනයේ දි තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 655කි.

647 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර 2021 අප්‍රේල් 23 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

649 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මහනුවර මහ රෝහල වෙමත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 අප්‍රේල් 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

Giraya News Alerts

650 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මතුගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 අප්‍රේල් 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂවීම නිසා ඇති වූ බහු ඉන්ද්‍රීය අක්‍රීය වීමයි.

651 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර 2021 අප්‍රේල් මස 26 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 හේතුවෙන් ශ්වසනය අක්‍රිය වීම, ලේ විෂවීම, දියවැඩියාව, අධි රුධිර පීඩනය හා හතිය රෝගයයි.

652 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 අප්‍රේල් 26 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

653 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, අඹගහපැලැස්ස ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 අප්‍රේල් 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

654 වත්තල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතූළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව පිඹුර මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 අප්‍රේල් 27 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

655 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ,ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර 2021 අප්‍රේල් 27 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම හා කොවිඩ් නියුමෝනියාවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top