ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 102,271ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (26) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 997 දෙනා ද ඇතුළුවයි.
එය එක් දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වේ. මීට පෙර ඉකුත් පෙබරවාරි මස 09 වැනි දින ආසාදිතයින් 976 දෙනෙකු වාර්තා වී තිබේ.
එම ආසාදිතයින් 997 දෙනා අතරින් ආසාදිතයින් 944 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද 08 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයින් 45 දෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ද වේ.
දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- කොළඹ දිස්ත්‍රික්කය – 173
- ගම්පහ දිස්ත්‍රික්කය – 170
- ගාල්ල දිස්ත්‍රික්කය – 92
- මොණරාගල දිස්ත්‍රික්කය – 86
- කළුතර දිස්ත්‍රික්කය – 74
- මාතලේ දිස්ත්‍රික්කය – 66
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 59
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 49
- මාතර දිස්ත්‍රික්කය – 32
- බදුල්ල දිස්ත්‍රික්කය – 25
- පුත්තලම දිස්ත්‍රික්කය – 22
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 22
- යාපනය දිස්ත්‍රික්කය – 17
- කෑගල්ල දිස්ත්‍රික්කය – 16
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 15
- වවුනියාව දිස්ත්‍රික්කය – 11
- අම්පාර දිස්ත්‍රික්කය – 07
- මහනුවර දිස්ත්‍රික්කය – 07
- මඩකලපුව දිස්ත්‍රික්කය – 03
- මන්නාරම දිස්ත්‍රික්කය – 02
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 01
- කිළිනොච්චිය දිස්ත්‍රික්කය – 01
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
- රත්නපුර දිස්ත්‍රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 7050ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 94,577 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ඊයේ (26) දිනයේ දී කොවිඩ් – 19 මරණ 03ක් වාර්තා වී ඇත. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 647ක් ලෙස දැක්වේ.
