Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

නුවරඑළිය අවුරුදු උත්සවයට ආපු නගර සභාවේ සේවකයන්ට අරක්කු කාලක් දීලා

නුවරඑලිය මහ නගර සභාව විසින් සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පැවැත් වු සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන ලෙස ලෙස මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස්වරයාට තමන් උපදෙස් ලබාදුන් බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසිය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ වසන්ත උදානයට සංචාරකයන් ගෙන්වා ගැනිම අවම කරන ලෙසටත්, ඇතැම් තරග ඉසව් නතර කරන ලෙසට නගරාධිපතිවරයාට උපදෙස් ලබා දි තිබියදි එම උපදෙස් වලට පටහැනිවද නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපතිවරයා කටයුතු කරමින් වසන්ත උදානය පවත්වා ඇති බවයි.

නුවරඑලිය ග්‍රෙගරි වැව ඉස්මත්තේ පැවති සිංහල හින්දු අලුත් අවුරුදු උත්සයෙට සහභාගි වු නගර සභාවේ සේවකයන්ට දිවා ආහාරය සමග මත්පැන් මිලිලිටර් 175 බෝතලයක් ලබා දි ඇති බවටද තමන්ට තොරතුරු ලැබි ඇති බවත්, ඒ පිලිබදවද තම අවධානය යොමු වි ඇති බවයි ආණ්ඩුකාරවරයා කියා සිටියේ.

Giraya News Alerts

රංජිත් රාජපක්ෂ

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top