Advertise with Giraya
NEWS

සෞඛ්‍ය උපදෙස් කඩ කළ 177 දෙනෙකු ඊයේ අත්අඩංගුවට

මුහුණු ආවරණ නොපැළඳි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 177 දෙනෙකු ඊයේ (25) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

එම අත්අඩංගුවට ගත් පිරිස අතරින් 134 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් ය. ඊට කොළඹ නගරයේ 34ක් ගම්පහ ප්‍රදේශයේ 45 දෙනෙක් අයත් බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. කළුතර ප්‍රදේශයෙන් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් කඩකරන්නන්ට එරෙහිව පියවර ගැනීමට පොලීසිය මේ වන විට දිවයින පුරා මෙහෙයුම් සිදුකරමින් ඇත.

Giraya News Alerts

2020 ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනක දී නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්ව තිබුණේ ඊයේ දිනයේ බව ද අජිත් රෝහණ පැවසීය.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 3,647කි. අද (26) දිනයේද මෙම මෙහෙයුම් ක්‍රියාත්මකය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top