Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බදියුදීන් සොයුරන්ව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න යයි

පාස්කු දින ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී මියගිය මරාගෙන ත‍්‍රස්තවාදීන්ට ආධාර සහ අනුබල දීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුයුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුයුදීන් දින 90 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමේ රැඳවුම් නියෝගයක් ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් 1979 අංක 48 දරණ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන පනතේ 9.1 වගනිත්ය යටතේ දින 90 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා නියෝගයක් ලබාගැනීමට නියමිත බවත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන පනතේ 6.1 වගන්තිය යටතේ පැය 72 ක රැඳවුම් නියෝග මේ වන විටත් ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙම සැකකරුවන් දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප‍්‍රශ්න කරනගෙන යන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ පැවසීය

Giraya News Alerts

-ලංකාදීප-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top