Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද (24) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ පළමු ආසාදිතයා වාර්තා වූ පසුගිය වසරේ මාර්තු 13 වනදා සිට මේ දක්වා වාර්තා වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 100,517ක් වේ. එමෙන්ම, ආසාදිතයින් ලක්ෂය ඉක්මවා ගිය 89 වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය ඒ අනුව 5724ක් දක්වා ඉහළ යනු ඇති. මේ අතර, අද (24) දිනයේ දී තවත් ආසාදිතයින් 124 දෙනෙකු සුවය ලැබීමත් සමඟ වාර්තා වූ රෝගීන්ගෙන් 94,155 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

Giraya News Alerts

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 638ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top