Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

තත්ත්වය පාලනය කර ගැනීමට අපට සහයෝගය දෙන්න – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන්නේ නව වෛරස් ප්‍රභේදයක් බවත් එහි රෝග ලක්ෂණ මතු වන්නේ පෙනහළුවලට යම් හානියක් සිදු වු පසුව බවත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

වර්තමාන කොවිඩ් – 19 තත්ත්වය අතිශය භයානක බව පෙන්වා දෙන අමාත්‍යවරයා සංචරණ කටයුතු හැකිතාක් අවම කරමින් තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “නව වෛරස් ප්‍රභේදයේ ජාන පෙළගැස්ම නිශ්චිතව හඳුනා ගැනීමට තවත් දින කිහිපයක් ගතවන බවයි දැනුම් දී තිබෙන්නේ. දැනට කරපු පරීක්ෂණවලින් පැහැදිලියි නව වෛරස් ප්‍රභේදයක් තමයි මතු වෙලා තියෙන්නේ. ඒක බොහෝ දුරට බ්‍රිතාන්‍ය කෙන්ට් ප්‍රදේශයෙන් පැතිර ගිය වෛරස් ප්‍රභේදයට සමාන එකක් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

Giraya News Alerts

ස්පුට්නික් එන්නත තව දින කිහිපයකින් අපේ රටට ලඟා වෙනවා. එවිට දෙවන අදියර ආරම්භ කිරීමට නියමිතයි ස්පුට්නික් එන්නතත් සමඟ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති 2ක ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ සයිනොෆාම් එන්නත ඔවුන්ගේ හදිසි ලැයිස්තුගත කිරීම් යටතට පත් කරයි කියලා. ලංකාවට මේ වනවිට ලක්ෂ 6ක් ලැබි තිබෙනවා සයිනොෆාම් එන්නත්. ඒකෙත් 4000ක පමණ ප්‍රමාණය තමයි ලංකාවේ සිටින චීන ජාතිකයින්ට ලබා දී තිබෙන්නේ. ඉතිරි එන්නත් ප්‍රමාණය ශ්‍රී ලාංකිකයිට ලබාදීම සඳහා අපි කටයුතු කරනවා. වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අපි ඉතාම සිරුවෙන් කටයුතු කරනවා.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා අප රටේ සියලුම භෞතික සම්පත් සහ මානව සම්පත් යොදවලා තියෙනවා. එය සාර්ථක කරගැනීම සඳහා ජනතාවගෙන් අප විශේෂ සහායක් බලාපොරොත්තු වෙනවා. සති අන්තයේ නිවෙස්වල රැඳී සිටින්න. මේ යන්නේ නව ප්‍රභේදයක්. වෛරසය වෙනදාට වඩා ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. රෝග ලක්ෂණ එන්නේ ශරීරයේ පෙනහළුවලට යම් හනියක් සිදුවුණායින් පස්සේ. ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එම තත්ත්වය පාලනය කරගැනීම සඳහා අපිට සහයෝගය ලබා දෙන්න.” යැයි පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top