Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අප්‍රේල් 23 වැඩිම ආසාදිතයින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 99,691ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (23) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 969 දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින් 969 දෙනා අතරින් ආසාදිතයින් 931 දෙනෙකු පෑළියගොඩ පොකුරට අයත් වේ. අනෙක් ආසාදිතයින් 38 දෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ද වේ.

දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

Giraya News Alerts
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 251
  • ගම්පහ දිස්ත්‍රික්කය – 236
  • කොළඹ දිස්ත්‍රික්කය – 196
  • කළුතර දිස්ත්‍රික්කය – 48
  • ගාල්ල දිස්ත්‍රික්කය – 36
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 28
  • මාතර දිස්ත්‍රික්කය – 26
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 23
  • මාතලේ දිස්ත්‍රික්කය – 21
  • වවුනියාව දිස්ත්‍රික්කය – 12
  • මහනුවර දිස්ත්‍රික්කය – 11
  • මොණරාගල දිස්ත්‍රික්කය – 10
  • යාපනය දිස්ත්‍රික්කය – 09
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 08
  • පුත්තලම දිස්ත්‍රික්කය – 07
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 03
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 03
  • අම්පාර දිස්ත්‍රික්කය – 02
  • බදුල්ල දිස්ත්‍රික්කය – 02
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 01

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 5021ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 94,036 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ඊයේ (23) දිනයේ දී කිසිදු කොවිඩ් – 19 මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර නැත. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 634ක් ලෙස දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top