කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම මත පදනම්ව ලබන මැයි මස 31 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි මෙරට ජනතාව පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය දැක්වෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වසා තැබෙන අතර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් සියයට 50ක ධාරිතාවකින් ක්‍රියාත්මක විය හැකියි. උපකාරක පන්ති සඳහා අවසර හිමි වන්නේ නැහැ.
මංගල උත්සව වෙනුවෙන් ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 50 නොඉක්මවන ලෙස උපරිම වශයෙන් අමුත්තන් 150ක් දක්වා ආරාධනා කිරීමේ හැකියාව පවතින අතර ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කළ යුතුය.



