Advertise with Giraya
FEATURES

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම ගැන වෛද්‍ය සඟරාවකින් හෙළිදරව්වක්

කොවිඩ් වසංගතයට හේතු වන SARS-COV-2 වයිරසය මේ වන විට වාතය මගින් සීග්‍ර ලෙස සම්ප්‍රේෂණය වන බව අධ්‍යයන වාර්තා මගින් සාක්ෂි සහිතව තහවුරු කර ඇත. බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් (Lancet journal) වෛද්‍ය සඟරාව පසුගියදා මෙම අධ්‍යයන වාර්තා ප්‍රකාශයට පත් කර තිබිණි.

එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රවීණ පර්‌යේෂකයන් කණ්ඩායමක් අදාළ අධ්‍යයනයන් සිදු කර ඇත. මීට පෙර පසුගිය වසරේ (2020) ජුලි මාසයේ දීද රටවල් 32ක විද්‍යාඥයන් 200කට අධික පිරිසක් ලෝක සෞඛ්‍ය සංවිධානයට විශේෂ ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ කොවිඩ් 19 වයිරසය කුඩා අංශු ලෙස වාතය මගින් සම්ප්‍රේෂණය වී මිනිසුන්ට ආසාදනය විය හැකි බවයි.

මෙම අධ්‍යයන වාර්තාවල උදාහරණ රැසක් පෙන්වා දී ඇති අතර විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ‘ස්කනිට් කොයාර්’ (Skagit choir) සිදුවීමේ ආරම්භය සිදුව ඇත්තේ එක් ආසාදිත පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයන් 53 දෙනකුට ඉතා සීග්‍රයෙන් වයිරසය ව්‍යාප්ත වීමෙන් බව අනාවරණය කර තිබේ. මෙම තත්ත්වය මත ගෘතස්ථ, වාතය සංසරණය වීම අඩු ස්ථානවල වයිරසය පහසුවෙන් ව්‍යාප්ත වන බව තහවුරු කර තිබේ. එම නිසා කැස්ස හෝ කිවිසුම් රෝග ලක්ෂණ නොමැති ආසාදිත පුද්ගලයන්ගෙන් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවත් ලොව පුරා දැන් නැවතත් මහා පරිමාණයෙන් ආසාදිතයන් වාර්තා වීමට මෙම නිහඬ සම්ප්‍රේෂණය ඉවහල් වී ඇති බවත් අනාවරණය වේ.

Giraya News Alerts

නයන තරංග ගමගේ – අරුණ

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top