ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 98,722ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (22) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 672 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් 672 දෙනා අතරින් ආසාදිතයින් 657 දෙනෙකු පෑළියගොඩ පොකුරට අයත් වේ. අනෙක් ආසාදිතයින් 15 දෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ද වේ.
ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් බහුතරය කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වි ඇති අතර ඉන් 36 දෙනෙකු පාදුක්ක ප්රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
දිස්ත්රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- කොළඹ දිස්ත්රික්කය – 192
- ගම්පහ දිස්ත්රික්කය – 117
- කුරුණෑගල දිස්ත්රික්කය – 99
- කළුතර දිස්ත්රික්කය – 64
- පුත්තලම දිස්ත්රික්කය – 39
- හම්බන්තොට දිස්ත්රික්කය – 16
- මහනුවර දිස්ත්රික්කය – 15
- යාපනය දිස්ත්රික්කය – 12
- පොළොන්නරුව දිස්ත්රික්කය – 07
- මාතලේ දිස්ත්රික්කය – 07
- කිළිනොච්චි දිස්ත්රික්කය – 07
- ත්රිකුණාමලය දිස්ත්රික්කය – 07
- මොණරාගල දිස්ත්රික්කය – 05
- නුවරඑළිය දිස්ත්රික්කය – 05
- මුලතිව් දිස්ත්රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්රීය ආසාදිතයින් ප්රමාණය 4202ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 93,884 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ඊයේ (22) දිනයේ දී තවත් කොවිඩ් – 19 මරණ 05 වාර්තා විය. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 618ක් දක්වා ඉහළ ගොස් ඇත.
