Advertise with Giraya
NEWS

නිරාවිය හා නිකදළුපොත ගම් දෙක හුදකලා කරයි

වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අතර, කොරෝනා ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වූ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හුදකලා කිරීමට පියවර ගැනුණා. ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එම හුදකලා කිරීම් නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකය.

මේ අතර, ඉදිරියේ දි උත්සව පැවැත්වීමට අවසර දීමේ දි හඳුනාගන්නා ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ සැළකිලිමත් වන බව යුද හමුදාපතිවරයා පවසයි.

Giraya News Alerts

වෙසක් උත්සවය සම්බන්ධයෙන් ද එවැනි තීරණයක් ගැනීමට සිදුවිය හැකි බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top