ස්ථාන තුනක දී දුම්රියේ ගැටී පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (18) දිනයේ දී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරනවා.
මොවුන් තිදෙනා අතරින් එක් අයෙක් 60 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු බූස්ස සහ ගිංතොට අතර දුම්රිය මාර්ගයේ දී දුම්රියේ ගැටී තිබෙනවා.
පුත්තලම සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ ගැටිමෙන් 71 හැවිරිදි පුද්ගලයෙකු පුත්තලම ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා.
හබරාදූව පොලිස් වසමේ තල්පේ, මිහිරිපැන්න ප්‍රදේශයේ දී දුම්රියක ගැටි කාන්තාවක මියගොස් ඇති අතර ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. එම සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීස්ය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
