Advertise with Giraya
NEWS

අප්‍රේල් 09 වන දින වැඩිම ආසාදිතයින් කොළඹින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 94,564ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (09) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 228 දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින් 228 දෙනා අතරින් ආසාදිතයින් 180 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද තිදෙනෙකු බන්ධනාතාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයින් 45 දෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ද වේ.

දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

Giraya News Alerts
  • කොළඹ දිස්ත්‍රික්කය – 58
  • යාපනය දිස්ත්‍රික්කය – 56
  • ගම්පහ දිස්ත්‍රික්කය – 27
  • රත්නපුර දිස්ත්‍රික්කය – 10
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 10
  • පුත්තලම දිස්ත්‍රික්කය – 05
  • මහනුවර දිස්ත්‍රික්කය – 03
  • මාතර දිස්ත්‍රික්කය – 03
  • බදුල්ල දිස්ත්‍රික්කය – 02
  • කිළිනොච්චිය දිස්ත්‍රික්කය – 02
  • අම්පාර දිස්ත්‍රික්කය – 02
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 01
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 01
  • මොණරාගල දිස්ත්‍රික්කය – 01
  • මුලතිව් දිස්ත්‍රික්කය – 01

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය ‍2697ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 91,272 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ඊයේ (09) දිනයේ දී තවත් කොවිඩ් – 19 මරණ 02ක් වාර්තා විය. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 595ක් දක්වා ඉහළ ගොස් ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top