Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට බිත්තර ප්‍රහාරයක්

පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීමේ දී අද (07) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සහ සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් අතර බහින් බස්වීමක් ඇති වීමෙන් පසුව සංවර්ධන කමිටු රැස්වීම අතරමඟ නවතා මන්ත්‍රීවරයා ඉන් පිටව ගොස් යාමේ දී, ඔහුගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ වී ඇති බව වාර්තා වේ.

පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම මන්ත‍්‍රී ජගත් කුමාර සහ උප සභාපති නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ යන අයගේ ප‍්‍රධානත්වයෙන් පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ දී පවත්වා තිබෙනවා.

එහිදී පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම ආසන සංවිධායකවරයා, මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය නිලධාරීන් නොමැතිව සභාපතිවරයා විසින් ඒකාධිපති ගමනක් යන බව පවසමින් සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසින් චෝදනා එල්ල කර තිබේ.

Giraya News Alerts

එහිදී මන්ත්‍රී ජගත් කුමාර ‘මට ඕනෑ හැටියට තමා කරන්නේ’යනුවෙන් පැවසීමත් සමඟ රැස්වීමේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. පසුව කමිටුවේ වැඩකටයුතු අතරමඟ නවතා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සභාපතිවරයා ඉන් පිටව ගොස් තිබේ.

එහිදී සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හූ කියමින් සභාපතිවරයාට විරෝධය දක්වා ඇති අතර රථයට බිත්තර ප්‍රහාරයක් ද එල්ල කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top