Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කැපුම් තුවාල සහිත මළ සිරුරක් ගල්කිස්සේ නිවසක් අසල තිබී හමුවෙයි

ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා.

කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු එම ස්ථානයේ වැටී සිටින බවට ලද පණිවිඩයක් මත ගල්කිස්ස පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මේ වන විට මෘත ශරීරය කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින සිදුකිරීමට නියමිතය.

Giraya News Alerts

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top