පාස්කු ප්‍රහාරය මෙහෙය වූ මහමොළකරුවන් ලෙස නවුෆර් මව්ලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයින් හඳුනාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පාස්කු කොමිෂන් සභාවේ නිර්දේශ සලකා බැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
නවුෆර් මව්ලවි නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බව ද පැවසු අමාත්‍යවරයා, 2014 දී එම පුද්ගලයා විසින් IS මතවාදය ගෙන ආ බවත් පැවසුවා.
පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම් අන්තවාදී ක්‍රියා සඳහා යොමුව ඇත්තේ 2016 දී බවත් ඔහුට අනුබල දී ඇත්තේ ද නවුෆර් මව්ලවි විසින් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ සැඟවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් පැවසු අමාත්‍යවරයා, දැනටමත් පුද්ගලයින් 32කුට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි ද කියා සිටියේය.
මේ වන විට පුද්ගලයින් 211ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවත්, 75 දෙනෙක් දීර්ඝ කළ රැඳවුම් නියෝග මත සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
