Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බස් රථයක් ඇළකට පෙරළී 18ක් රෝහලේ

දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්නවැව ප්‍රදේශයේ දී අද (06) දහවල් බස් රථයක් ඇළකට පෙරළී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ගල්කිරියාගම සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ එම බස් රථය එක වරම කාර්මික දෝෂයකට ලක්ව ඇළට පෙරළී ගිය බව එහි රියදුරු පවසා තිබෙනවා.

ප්‍රදේශවසීන්ගේ සහාය ඇතිව බස් රථයේ සිරවී සිටි මගීන් ගොඩට ගෙන දඹුල්ල මූලික රෝහලට රැගෙන ගිය බව පොලීසිය පැවසීය.

Giraya News Alerts

අනතුරින් පිරිමි පුද්ගලයින් පස්දෙනෙකු රෝහල් ගත කොට ඇති අතර කාන්තාවන් 13 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

තුවාල ලැබූ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top