Advertise with Giraya
NEWS

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව විමර්ශනයක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන ආචාර්ය සිද්දික සේනාරත්නට එරෙහිව රජය විසින් විමර්ශනයක් ආරම්භ කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පසුගිය දා පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ සමාගම් බිඳ වැටෙන බැවින් විෂ සහිත ආහාර පවතින සමාගම්වල නම් ප්‍රකාශ කළ නොහැකි බවයි.

රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස ඇය විසින් සිදු කරන ලද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජයෙන් එල්ල වූයේ දැඩි විරෝධතාවයක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙතින් ද ඇයගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළා. අදාළ ප්‍රකාශය පදනම් කර ගනිමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය, ලක්මවට හඬක් සංවිධානය, ජනබල පවුර සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

තවද, අපේ ජනබල පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක නිරත විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top