Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කුලියාපිටියේ බුදු පිළිම කැඩූ ඉන්දීය ජාතිකයා බන්ධනාගාරයේ දී හදිසියේ මියයයි

කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබෙනවා.

ඔහු වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියදී ඊයේ (05) රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, දිලීප් කුමාර් නමැති 45 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙකි.

Giraya News Alerts

මෘත ශරීරය මේ වන විට වාරියපොළ රෝහලේ තැන්පත් කර ඇති අතර කොරෝනා පරීක්ෂාවකට ද ලක් කිරීමට නියමිතව තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top