ඉදිරි උත්සව සමයේ සංචරණ සීමාවන් පැනවීමක් සිදුවෙනවා ද නැද්ද යන්න පිළිබඳව මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබෙන දෙයකි.
මේ පිළිබඳව, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් ‘දෙරණ’ නාලිකාව වෙත අදහස් පළ කරමින් මෙසේ පවසා ඇත.
“ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 200ට අඩු සංඛ්‍යාවක පවත්වාගෙන යාමට මේ අවස්ථාවේදී හැකිවෙලා තියෙනවා. කෙසේවෙතත් අප මේ එළඹ සිටින්නේ සිංහල දමිළ අවුරුද්දට සතියකට ආසන්න කාලය තුළයි. ගිය අවුරුද්දේ, අවුරුද්ද සමරලා මාසේ අවසානේ වෙනකොට අපිට සම්පුර්ණයෙන්ම කොවිඩ් ශ්‍රී ලංකාවෙන් තුරන්කර ගන්න පුලුවන් වුණා ඔක්තොම්බර් මාසේ දක්වා. මේ මාසේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන අයවලුන් සඳහා බොහෝදුරට සංචරණ සීමා පැනවීමේ නම් කිසිදු බලාපොරොත්තුවක් නෑ. මේ වෙනකොට. නමුත් අහඹුලෙස ඇන්ටිජන් පරික්ෂණ කිරීමට හැකියාවක් තියෙනවා. රටේ කොවිඩ් ආසාදිතයින් සිටිනවාද නැද්ද යන්න සොයාගැනීම සඳහා අහඹු පරීක්ෂණ විටින් විට විිවධ ප්‍රදේශවල කරනවා. ඒ අනුව මේ කාලසීමාවේදී විශේෂයෙන්ම කොළඹින් පිට පාළාත්වලට යාමේදී යම්කිසි ආකාරයක අවදානමක් තිබ්බොත් කියලා මේ ආකාරයෙන් බොහොදුරට සිදු කිරීමේ හැකියාවක් තියෙනවා.”
