Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 586ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 586කි.

582 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවකි. මොරටුව මූලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී අප්‍රේල් මස 05 වන දින මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ බැක්ටීරියා ආසාදනය හේතුවෙන් ඇති වූ ලේ විෂවීමේ කම්පන තත්වය සහ නියුමෝනියා තත්වයක්, කොවිඩ් – 19 ආසාදනය සහ උග්‍ර වකුගඩු හානි වීමයි.

583 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් අනතුරුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. අප්‍රේල් මස 04 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙනුයේ කොවිඩ් නියුමෝනියාව සහ උත්සන්න වූ නිදන්ගත පෙනහලු රෝගය සහ අධි රුධිර පීඩන තත්වයයි.

Giraya News Alerts

584 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, යාපනය ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. යාපනය ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අප්‍රේල් මස 04 වන දින මිය ගොස් ඇත. ඉහළ ආමාශ ආන්ත්‍රයික රුධිර වහනය සමඟ රක්තපාත තත්වය සහ කොවිඩ් 19 ආසාදනය නිසා ඇති වූ නියුමෝනියා තත්වය මරණයට හේතුව ලෙස දැක්වේ.

585 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී අප්‍රේල් මස 04 වන දින මිය ගොස් ඇත. කොවිඩ් 19 ආසාදන හෘද රෝගී තත්ත්වය, අධි රුධිර පිඩනය, දියවැඩියාව සහ ස්නායු රෝග තත්ත්වය මරණයට හේතුව ලෙස දැක්වේ.

586 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇත. අප්‍රේල් මස 04 වන දින මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙනුයේ කොවිඩ් නියුමෝනියාව සහ පෙනහලු දක්වා පැතිර ගිය පිළිකා තත්ත්වයක්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top