මීගමුව නගරාධිපති දයාන් ලන්සාට මීගමුව වැල්ලවීදිය, කුඩාපටුව ප්‍රදේශයේ දී තරුණයින් පිරිසක් පහර දී ඇති බවට පුවත් අඩවි වාර්තා කරයි.
වාර්තා වන අන්දමට මීගමුව නගරාධිපතිවරයා වැල්ලවීදිය කුඩාපටුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති සාදයකට සහභාගී වී සිටිය දී ඔහුගේ මෝටර් රථය නවතා තිබූ මුහුදු තීරයේ තරුණයින් පිරිසක් ක්‍රීඩා කරමින් සිට ඇත.
මේ අවස්ථාවේ දී දයාන් ලන්සා හා එම තරුණයින් පිරිස අතර බහින් බස් වීමක් සිදුව ඇති අතර මෙම පහර දීම සිදුව තිබෙන්නේ එම අවස්ථාවේ දී බවට ද වාර්තා වෙයි.
එහිදී නගරාධිපතිවරයා විසින් එහි සිටි එක් අයෙකුට පහර දීමත් සමඟ පහර කෑමට ලක්වූ තැනැත්තාගේ පුතෙකු විසින් නගරාධිපතිවරයාට පහර දී තිබෙනවා.
මේ අවස්ථාවේ දී නගරාධිපතිවරයා ද බීමතින් සිට ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. පහර දීම හේතුවෙන් නගරාධිපතිවරයාගේ මුහුණ ද තුවාල වී ඇති බවට ආරංචි මාර්ග වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තරුණයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.
