Advertise with Giraya
Giraya NewsGiraya News
Gossip

කිරුළ අහිමි වුන පුෂ්පිකා පොලීසි යයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරඟාවලියේ දී සිදු වූ මතභේදකාරී සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සියලුමදෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළ පළන්දා මොහොතකට පසුව පුෂ්පිකා ද සිල්වාගේ හිසින් කිරුළ ගලවා අනුශූරතාවය හිමි වූ තරඟකාරියට පැළැන්දවීමට ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි කටයුතු කළා. ඇය එයට හේතුව ලෙස සඳහන් කළේ දික්කසාද වී ඇති බැවින් ඇය කිරුළ ලබා ගැනීමට සුදුසුකම් නොලබන බවයි.

කෙසේ වෙතත්, මේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඇයගේ කීර්තිනාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් ඇය මේ වන විට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පුෂ්පිකා ද සිල්වා පවසයි.

Giraya News Alerts

2011 වසරේ දී මිස් ශ්‍රී ලංකා කිරුළ පැළැඳී එම වසරේ දී ලෝක රූ රැජින තරඟාවලියට ද ශ්‍රී ලංකාව නියෝජනය කළාය. මිස් ශ්‍රී ලංකා මෙන්ම මිසිස් ශ්‍රී ලංකා කිරුළ ද හිමි කර ගත් එකම කාන්තාව බවට ඇයට පත් වීමට තිබූ අවස්ථාව ඊයේ දිනයේ දී අහිමි විය.

මීට මාස තුනකට ඉහත දී ‘සිළුමිණ’ පුවත්පත සමඟ සාකච්ඡාවකට ඉදිරිපත් වෙමින් ඇය ඉඟි පළ කළේ තමන් දේශපාලනයට පැමිණෙන්නට සූදානමින් සිටින බවයි.

එම සාකච්ඡාවේ දී ඇය, ‘ නමුත් දැන් මම දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නෙ. අපේ ජීවිතවල එක එක කාලවල හැරවුම් ලක්ෂ්‍ය තියෙනවානේ. මම දැන් දේශපාලන කටයුතුවලින් ඉස්සරහට යන්න තමයි උත්සාහ කරන්නේ’ යනුවෙන් පවසා තිබුනා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top