Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රන්ජන්ගේ පෙත්සම විභාගයට නොගෙනම කුණු කූඩයට

තමාගේ මන්ත්‍රී ධූරය අහිමි නොකරන්නැයි ඉල්ලමින් රන්ජන් රාමනායක විසින් ගොනු කරන ලද රීට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (05) නියෝග කළා.

අර්ජුන ඔබේසේකර, මායාදුන්නේ කොරයා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර පෙත්සම්කරු ඉල්ලා සිටින ආකරයට සහන ලබා දීමට මෙහිදී නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවට විනිසුරු මඩුල්ල ප්‍රකාශ කරනු ලැබුවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මේ වනවිට වසර හතරක සිර දඬුවම් විඳිමින් සිටියි.සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් සඳහන් කර තිබුණේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිර දඬුවම් නියම වී සිටින තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි.

Giraya News Alerts

තමන්ට සිර දඬුවම් නියම වී තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බවත් එය අපරාධමය ගණයට අයත් නොවන වරදක් හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මීට පෙර එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණි.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කරමින් පෙත්සම්කාර රන්ජන් රාමනායක ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දුන්නාය.

අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි. ඒ අනුව අධිකරණය විසින් එම තීන්දුව ලබා දුන්නේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top