Advertise with Giraya
NEWS

තණමල්විල රිය අනතුරකින් කාන්තාවක් මරුට, කුඩා දරුවෙකු ඇතුළු හතරදෙනෙකුට තුවාල

වැල්ලවාය තණමල්විල මාර්ගයේ තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් කිවුල් ආර ප්‍රදේශයේ දී ඊයේ (4) පස්වරුවේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කතරගම ප්‍රදේශයේ වන්දනා ගමනක් ගොස් යළි නිවෙස් බලා ගමන් කරමින්, ගම්පහ කිරිදිවැල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

මෝටර් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් එක් කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කිරිදිවැල ප්‍රදේශයේ පදිංචි හතලිස් එක් හැවිරිදි කාන්තාවක් වන අතර අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Giraya News Alerts

තුවාල ලැබූවන් තණමල්විල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top