Advertise with Giraya
NEWS

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන අනූදහස ඉක්මවා යයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ප්‍රමාණය 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, ගත වූ පැය 24 තුළ දී තවත් ආසාදිතයින් 187 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි. ඒ අනුව, වාර්තා වු රෝගීන්ගෙන් 90,208ක් සුවය ලබා ඇත.

එමෙන්ම, අද (04) දිනය තුළ දි තවත් නව ආසාදිතයින් 97 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 2603ක් වේ.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට 93,393ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

Giraya News Alerts

එමෙන්ම, අද දිනයේ දී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද අතර ඒ අනුව, මෙරටින් වාර්තා වු සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය 581ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top