Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හිටපු ජනපතිට ඒරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි කාදිනල් හිමිපාණන් ඉල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අනුව වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරයි.

අගරදගුරුතුමන් මෙම අදහස් පළ කළේ අද (04) දිනයේ දී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ පැවති පාස්කු දේව මෙහෙයට සහභභාගී විමෙන් අනතුරුව යි.

එහිදී, “මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙකු හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නෑ. තමන්ගේ අතේ වැරදි තියාගෙන අත් හෝදගන්න යන පිලාත්ලා වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයින්ට කියනවා. ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.” යනුවෙන් පැවසීය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top