Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හදිසි මුස්ලිම් මරණ පරීක්ෂක තනතුරක් ඇති කිරීමේ සූදානමක් නොමැති බව අධිකරණ අමාත්‍යාංශය කියයි

ලූතින් හදිසි මුස්ලිම් මරණ පරීක්ෂක තනතුරක් ඇති කිරීමට සුදානමක් පවතින බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

පුරප්පාඩු වී ඇති හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ වෙනත් නියෝගයක් වර්තමාන අධිකරණ අමාත්‍යවරයා විසින් නිකුත් කොට නොමැති බවත් සිදු වී ඇත්තේ දැනට ස්ථාපිත කර ඇති තනතුරුවල පුරප්පාඩු ඇති වූ අවස්ථාවකදී මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ අයදුම්පත් කැදවා පුරප්පාඩු පිරවීමේ සාමාන්‍ය ක්‍රියාවලියක් පමණක් බවයි අධිකරණ අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

පැය 24 ක කාලයක් තුළදී මුස්ලිම් ජනතාවගේ භූමදාන කටයුතු සිදු කළ යුතු බැවින් මරණ පරීක්ෂකවරුන් කාර්යාල කාල සීමාවන් තුළදී පමණක් රාජකාරී කිරීම හේතුවෙන් ගැටලූ මතුවන බව මීට පෙර අවස්ථාවකදී හදුනාගෙන තිබුණා.

Giraya News Alerts

ඒ අනුව එම අවස්ථාවේදී පත් කරන ලද කමිටුවක් විසින් යෝජනා කර තිබුණේ බහු වාර්ගික ප්‍රාදේශීය බල ප්‍රදේශ 88 ක් සදහා බහු ජනවර්ග නියෝජනය වන පරිදි හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම යෝග්‍ය වන බවයි.

ඒ අනුව දැනට ස්ථාපිත කර ඇති තනතුරුවල පුරප්පාඩු ඇතිවන අවස්ථාවලදී මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ පුරප්පාඩු පිරවීම හැර කිසිදු තනතුරක් අලූතින් ඇති කිරීම හෝ ඒ සදහා නියෝගයක් නිකුත් කිරීමට වර්තමාන අධිකරණ අමාත්‍යවරයා විසින් පියවර ගෙන නොමැති බව අවධාරණය කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

එම නිවේදනය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top