Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

ඉන්දියාව යළිත් ලොක්ඩවුන් කිරීමට සැරසෙයි

ගත වූ පැය 24 ක කාලය තුළ දී ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 89,129ක් ලෙස සටහන් වන බව එරට මාධ්‍ය වාර්තා කරයි. එය පසුගිය වසරේ සැප්තැම්බර් 20 වන දිනට පසුව එක් දිනයක දී එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වේ.

ගත වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 47, 828 දෙනෙකුම මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් බව ද ඉන්දීය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව, කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පහළ නොගියහොත් පූර්ණ සංචරණ සීමා පැණවීමක් සිදුකිරීමට සිදුවනු ඇතැයි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය උද්දාව් තකේරේ පවසනවා. නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම මහජනතාව විසින් මේ වනවිට නොසළකා හැරීමත් සමග දෛනිකව වාර්තාවන ආසාධිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි මහ ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

Giraya News Alerts

ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය එක්කෝටි විසිතුන් ලක්ෂ අනූ දෙදහසකට අධික වේ. එමෙන්ම, වෛරසය හේතුවෙන් ඉන්දියාවේ 164,000කට අධික ප්‍රමාණයක් මියගොස් තිබෙනවා.

මේ අතර පාස්කු දිනය ඉලක්ක කර ඉතාලිය දින 03 ක දැඩි සංචරණ සීමා පණවා තිබෙනවා. සමස්ත රටම රතු කලාපයක් ලෙස නම් කර එය ක්‍රියාත්මකයි. අත්‍යවශ්‍ය නොවන සෑම සංචරණ කටයුත්තක්ම ඒ අනුව අත්හිටුවා ඇති අතර පාස්කු භෝජන සංග්‍රහ පවා නිවෙසටම සීමා කළ යුතුයි.

මේ අතර, අඛණ්ඩව දෙවන වරටත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් රෝමයේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේදී කිසිදු බැතිමතෙකු නොමැතිව පාස්කු දේව මෙහෙය පැවැත්වීමට නියමිතයි.

ඉතාලිය තුළ කොවිඩ් 03 වන රැල්ලක අවදානමක් උද්ගතව ඇති අතර දෛනිකව ආසාධිතයන් 20,000 පමණ වාර්තාවන තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top