Advertise with Giraya
NEWS

15 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී මරුට

රාගල මන්ත්‍රීතැන්න ප්‍රදේශයේ වැවක දිය නාමින් සිටි අවුරුදු 15 ක පාසල් සිසුවෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස සූරියකන්ද වත්ත, රාගල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

පාසල් සිසුන් සිවු දෙනෙක් ඊයේ පස්වරුවේ මෙලෙස දිය නෑමට පැමිණ ඇති අතර ඉන් දෙදෛනකු දියේ ගිලී තිබෙනවා. ප්‍රදේශවාසින් විසින් ඔවුන් බේරාගෙන නුවරඑළිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ඉන් එක් අයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

මේ අතර පොතුවිල් ආරුගම්බ මුහුදේ දිය නාමින් සිටි අවුරුදු 41 ක පුද්ගලයෙක්ද දියේ ගිලිමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මැටිගහතැන්න ලුණුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top