Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අබිලි ද්‍රව්‍ය එකතු කරන ස්ථානයක පිපිරීමක්

අවිස්සාවේල්ල මාදොල මාර්ගයේ පිහිටි අබිලි ද්‍රව්‍ය එකතු කරන ස්ථානයක ඇති වූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගෑස් ලාම්පුවක් ආධාරයෙන් ඊයේ (02) පස්වරුවේ දී අබිලි ද්‍රව්‍ය කපමින් සිටිය දී මෙම පිපිරීම සිදුව ඇතැයි අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මියගිය පුද්ගලයා 50 හැවිරිදි එලිස්ටන් ජනපදය පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව වාර්තා වේ. මෘත දේහය අවිස්සාවේල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාල ලැබූ අය ද රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබනවා.

Giraya News Alerts

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් රජයේ රස පරීක්ෂකවරයා සිදුවීම වූ ස්ථානයට කැඳවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top