Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පාස්කු ඉරිදා දින පල්ලිවල ආරක්ෂාවට නිලධාරීන් 12,000ක්

පාස්කු ඉරිදා දිනය යෙදෙන හෙට (04) දිනයේ දී ශ්‍රී ලංකාවේ සියලුම පල්ලි ආවරණය වන පරිදි පොලීසිය හා ත්‍රිවිධ හමුදාව නිලධාරීන් 12,000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කරයි.

මෙම පිරිසෙන් 9000කට අධික පිරිසක් පොලිස් නිලධාරීන් බවත් අනෙකුත් පිරිස විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාවට අයත් භට පිරිස් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙම වැඩපිළිවෙල යටතේ වැඩිම ආරක්ෂාවක් සපයා ඇත්තේ මීගමුව, මඩකලපුව හා හලාවත යන පොලිස් කොට්ටාශ ආශ්‍රිත දේවස්ථානයි.

Giraya News Alerts

පොලිස්පතිවරයාගේ විශේෂ චක්‍රලේඛයක් යටතේ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top