පාස්කු ඉරිදා යෙදීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.
ඒ අනුව දිවයිනේ පිහිටි ප්‍රධාන දේවස්ථාන, සංචාරක හෝටල් ඇතුළු තවත් හඳුනා ගත් ස්ථාන රැසක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසනවා.
එක් එක් ප්‍රදේශවල ආරක්ෂක තත්ත්ව විශ්ලේෂණයක් සිදු කරන ලෙස යුද හමුදා මූලස්ථානය විසින් ප්‍රදේශ භාර නිලධාරීන් වෙත දැනුම් දීමක් ද සිදු කර තිබෙනවා. එහිදී, පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන ආරක්ෂක වැඩ පිළිවෙලට සහය දක්වන ලෙස යුද හමුදාව විසින් ප්‍රදේශ භාර නිලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.
එමෙන්ම හඳුනාගත් සුවිශේෂී ස්ථානවලට අමතර ආරක්ෂාවක් සපයන ලෙසට ද යුද හමුදාව විසින් ප්‍රදේශ භාර ආරක්ෂක නිලධාරින් වෙත දැනුම් දී තිබෙනවා.
මෙම ආරක්ෂක වැඩපිළිවෙල පොලීසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව පාස්කු සතිය පුරා ක්‍රියාත්මක කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
