ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 92,442ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (30) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 139 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින්ගෙන් 118 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද, 07 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයන් 14 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.
දිස්ත්රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- රත්නපුර දිස්ත්රික්කය – 39
- ගම්පහ දිස්ත්රික්කය – 22
- යාපනය දිස්ත්රික්කය – 20
- කොළඹ දිස්ත්රික්කය – 14
- කුරුණෑගල දිස්ත්රික්කය – 07
- මාතලේ දිස්ත්රික්කය – 04
- ගාල්ල දිස්ත්රික්කය – 03
- නුවරඑළිය දිස්ත්රික්කය- 03
- කළුතර දිස්ත්රික්කය – 03
- මහනුවර දිස්ත්රික්කය – 02
- අම්පාර දිස්ත්රික්කය – 02
- මාතර දිස්ත්රික්කය – 01
- පුත්තලම දිස්ත්රික්කය – 01
- මුලතිව් දිස්ත්රික්කය – 01
- ත්රිකුණාමලය දිස්ත්රික්කය – 01
- වව්නියාව දිස්ත්රික්කය – 01
- කිළිනොච්චිය දිස්ත්රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්රීය ආසාදිතයින් ප්රමාණය 2786ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 89,090 දෙනෙකු සුවය ලබා ඇත. ඊයේ දිනයේ දි කිසිදු කොරෝනා ආසාදිතයෙකුගේ මරණයක් වාර්තා නොවීය. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 566ක් ලෙස සටහන් වේ
