ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ කිතුනු දේවස්ථානයක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයන් දෙදෙනෙකු විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ පාස්කු ඉරිදාවට අදාළව පළමු දේව මෙහෙයට සහභාගී වූ බැතිමතුන් කිහිපදෙනෙකු සහ දේවස්ථානයේ සේවකයින් බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරකයා යතුරු පැදියකින් එම දේවස්ථානයට ඇතුළුවීමට උත්සහ කිරීමේදී ආරක්ෂ අංශ විසින් ඔහු පරීක්ෂා කිරීමට උත්සහ දරා ඇති අතර එහිදී බෝම්බය පුපුරුවාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
