Advertise with Giraya
NEWS

මාර්තු 27 වන දින වැඩිම ආසාදිතයින් යාපනය දිස්ත්‍රික්කයෙන්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 91,839ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (27) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 278 දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින්ගෙන් 260 දෙනෙකු පෑළියගොඩ පොකුරට අයත් වේ. අනෙක් ආසාදිතයන් 18 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

Giraya News Alerts
  • යාපනය දිස්ත්‍රික්කය – 88
  • ගම්පහ දිස්ත්‍රික්කය – 29
  • රත්නපුර දිස්ත්‍රික්කය – 28
  • කොළඹ දිස්ත්‍රික්කය – 26
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 20
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 09
  • මහනුවර දිස්ත්‍රික්කය – 06
  • ගාල්ල දිස්ත්‍රික්කය – 06
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 06
  • මොණරාගල දිස්ත්‍රික්කය – 06
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 05
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 04
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 04
  • බදුල්ල දිස්ත්‍රික්කය – 04
  • වවුනියාව දිස්ත්‍රික්කය – 04
  • අම්පාර දිස්ත්‍රික්කය – 03
  • පුත්තලම දිස්ත්‍රික්කය – 03
  • මාතර දිස්ත්‍රික්කය – 02
  • මාතලේ දිස්ත්‍රික්කය – 01
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 01

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය ‍2892ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 88,388 දෙනෙකු සුවය ලබා ඇත. ඊයේ දිනයේ දි තවත් කොරෝනා ආසාදිතයෙකුගේ මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 559ක් ලෙස සටහන් වේ

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top