Advertise with Giraya
POLITICS

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදය තෙවැනි දිනයටත් අද (26) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.

එහිදී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ, ප්‍රහාරය එල්ලවීමට ප්‍රථම තමා ඒ පිළිබඳව කිසිදු දැනුම්වත්වීමක් නොතිබූ බවයි.

ඔහු පෙන්වා දෙන්නේ, පාස්කු කොමිසමේ සාක්ෂි මගින්ද එය තහවුරු වී ඇති බවයි.

අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය තුළ 2015 වසරේ සිට තම අවදානය යොමුකළ බවද මෛත්‍රීපාල සිරිසේන විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

“මේ මහා ප්‍රහාරය සිදු වුණාට පසු එදා මගේ ආණ්ඩුවෙන්ම මටත් ගහන්න ගත්තා. විපක්ෂයෙන් මට ගහන්න ගත්තා. හැම තැනින්ම මාව තමා ඉලක්ක කෙරුවේ. මම මේ තොරතුරු දැනගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නෑ කියලා. මේ කිසිම දෙයක් කිසිම තැනකින් මට දැනුම් දුන්නේ නෑ. එවැනි තොරතුරක් ලැබිලා ඒක නොසලකා හරින්න තරම් මම ම්ලේච්ඡයෙක් නෙමෙයි. මේ තොරතුරු මා වෙත ලබා දුන්නා නම් මේ ඛේදවාචකය වෙන්න මම ඉඩ තියන්නේ නෑ. ජනාධිපතිවරයා දැනගෙන ජනාධිපතිවරයා මගහරින කෙනෙක් කියලා කවුරුහරි කියනවා නම් ඒක කියන කෙනාගේ මොළේ අමාරුවක් තියෙන්න ඕනේ.”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top