Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ලක්ෂ 23ක් පැහැරගත් බව පවසමින් සේවා ස්ථානයේ මුදල් වංචා කළ විධායක නිලධාරියා අත්අඩංගුවට

කොල්ලකරුවන් දෙදෙනෙක් මුදල් පැහැරගත් බව පවසමින් තම සේවාස්ථානයේ මුදල් වංචාකළ පෞද්ගලික සමාගමක විධායක නිලධාරියෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙයියන්තුඩුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 23ක මුදලක් සහ රුපියල් 84,000ක චෙක් පතක් බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යන අවස්ථාවක බැංකුව අසලදී කොල්ලකෑ බව ට අදාළ පුද්ගලයා පොලීසියට පැමිණිලි කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

ඒ පිළිබඳ පැමිණිල්ල ඊයේ (25) දහවල් 2.00ට පමණ මීගහවත්ත පොලීසියට ලැබී තිබූණි.

Giraya News Alerts

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ කොල්ලකෑම සිදුකර ඇති බව‍ෙ පැමිණිලිකර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී පෙනීගොස් ඇත්තේ එම කොල්ලය පැමිණිලිකරුගේ සැලසුමක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසූවේ.

ඒ අනුව, අදාළ බෑගයේ එවැනි මුදලක් නොතිබී ඇති අතර එහි තිබී ඇත්තේ රුපියල් 50,000ක මුදලක් බවද අනාවරණය වී තිබේ.

එම පුද්ගලයා විසින් විවිධ කටයුතු සඳහා අදාළ සමාගමේ මුදල් වියදම් කිරීමෙන් අනතුරුව එය පියවා ගැනීම සඳහා මේ ආකාරයට කොල්ලකෑමක් සැලසුම්කර ඇති බවට ද අනාවරණය වී ඇත.

ඒ අනුව, අදාළ පැමිණිල්ල කළ පුද්ගලයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ බිරිඳගේ සහෝදරයෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

බිරිඳගේ සහෝදරයා විසින් පුද්ගලයින් දෙදෙනෙකු යොදවා අදාළ බෑගය රැගෙන යෑමට කටයුතු කර තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම පුද්ගලයින් දෙදෙනා ද සොයා විමර්ශන ක්‍රියාත්මක අතර අදාළ යතුරුපැදිය හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top