යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
පසුගියදා නගරාධිපතිවරයා සහභාගී වූ මංගල උත්සවයකට සහභාගී වූ කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව නගරාධිපතිවරයා ද කොරෝනා පරීක්ෂණයකට යොමු වී ඇත.
නගරාධිපතිවරයා ද ඇතුළුව තවත් 18 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට මෙලෙස තහවුරු වී ඇති අතර ඒ අනුව යාපනය සතිපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 660 දෙනෙකුට සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් සොයා ගෙන ඇති අතර ඒ අතර යාපනය පොළේ වෙළඳුන් නව දෙනෙකු ද සිටින බව වාර්තා වේ.
තවත් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිත බව ද සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
