Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඩුබායි සිට එවූ දේහය කෙසෙල්වත්තේ දිනුකගේ බව තහවුරු වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පසුගිය 18 වන දින මෙරටට ගෙනා මෘත දේහය සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘කෙසෙල්වත්තේ දිනුක’ හෙවත් රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුෂාන්ගේ බව තහවුරු වී තිබෙනවා.

මීට අදාළ වාර්තාව අද (24) දිනයේ දී රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව විසින් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාර දී ඇති බව වාර්තා වේ.

ඔහු රාජපක්ෂ මදුරංග යන ව්‍යාජ නමකින් පෙනී සිට ඇති බැවින් මෙලෙස අනන්‍යතාවය තහවුරු කර ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

Giraya News Alerts

ඔහුගේ දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (24) දින මීගමුව රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top