Advertise with Giraya
NEWS

මාර්තු 23 වන දින වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 90,765ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (23) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 251 දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින්ගෙන් 203 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද 23 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයන් 25 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

Giraya News Alerts
  • ගම්පහ දිස්ත්‍රික්කය – 66
  • කොළඹ දිස්ත්‍රික්කය – 48
  • යාපනය දිස්ත්‍රික්කය – 20
  • රත්නපුර දිස්ත්‍රික්කය – 14
  • ගාල්ල දිස්ත්‍රික්කය – 14
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 13
  • මහනුවර දිස්ත්‍රික්කය – 08
  • වව්නියාව දිස්ත්‍රික්කය – 07
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 07
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 05
  • කළුතර දිස්ත්‍රික්කය – 05
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 03
  • මොණරාගල දිස්ත්‍රික්කය – 03
  • අම්පාර දිස්ත්‍රික්කය – 01
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 01
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 01
  • මන්නාරම දිස්ත්‍රික්කය – 01
  • කිළිනොච්චිය දිස්ත්‍රික්කය – 01

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය ‍2907ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 87,306 දෙනෙකු සුවය ලබා ඇත. ඊයේ දිනයේ දි තවත් කොරෝනා ආසාදිතයෙකුගේ මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 552ක් ලෙස සටහන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top