තමාගේ එකම පුතා ද දේශපාලනයට ගෙනවිත් අහිමි කර ගැනීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
තමන් යූ ටියුබ් නාලිකාවක සිදු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් තමාගේ පුතා දේශපාලනයට ගෙන ඒමට කුමන්ත්‍රණය කරන බවට මේ දිනවල විවිධ ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සාවද්‍ය බවයි ඇය පවසන්නේ.
පියා සහ සැමියා පමණක් නොව තම ඇසක් ද අහිමි කර ගත් පරිදි තම එකම පුත්‍රයා ද අහිමි කර ගැනීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බව ද ඇය පෙන්වා දෙයි.
එම නිවේදනය පහතින් දැක්වේ.


