Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 551ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ්- 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 551කි.

547 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වෑඋඩ ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කුරුණෑගල ශික්ෂණරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මාර්තු 21 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය, හෘදය අක්‍රීය වීම, උග්‍ර දියවැඩියාව සහ වකුගඩු රෝගී තත්ත්වයයි.

548 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නුගතලාව ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වැලිමඩ මූලික රෝහලේ සිට තෙල්දෙණිය මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියාවයි.

Giraya News Alerts

549 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කඩවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මාර්තු 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමේ කම්පනය, හෘද රෝගී තත්ත්වය, අධි රුධිර පීඩනය සහ ඇදුම රෝගී තත්ත්වයයි.

550 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අක්මා ආසාදනය සහ කොවිඩ් ආසාදනයයි.

551 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මාර්තු 16 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර නියුමෝනියා තත්ත්වය සහ කොවිඩ් ආසාදනයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top