ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 90,200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (21) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 354 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින්ගෙන් 342 දෙනෙකු පෑළියගොඩ පොකුරට අයත් වේ. අනෙක් ආසාදිතයන් 12 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.
දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- ගම්පහ දිස්ත්‍රික්කය – 197
- කොළඹ දිස්ත්‍රික්කය – 58
- යාපනය දිස්ත්‍රික්කය – 17
- රත්නපුර දිස්ත්‍රික්කය – 10
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 08
- ගාල්ල දිස්ත්‍රික්කය – 07
- කිළිනොච්චිය දිස්ත්‍රික්කය – 07
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 06
- කළුතර දිස්ත්‍රික්කය – 05
- බදුල්ල දිස්ත්‍රික්කය – 05
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 04
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 03
- මඩකලපුව දිස්ත්‍රික්කය – 03
- මන්නාරම දිස්ත්‍රික්කය – 03
- අම්පාර දිස්ත්‍රික්කය – 02
- මොණරාගල දිස්ත්‍රික්කය – 02
- කෑගල්ල දිස්ත්‍රික්කය – 02
- මහනුවර දිස්ත්‍රික්කය – 01
- මුලතිව් දිස්ත්‍රික්කය – 01
- පුත්තලම දිස්ත්‍රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 2895ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 86,759 දෙනෙකු සුවය ලබා ඇත. ඊයේ දිනයේ දි තවත් කොරෝනා ආසාදිතයෙකුගේ මරණයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 546ක් ලෙස සටහන් වේ.
