Advertise with Giraya
NEWS

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන චීනය ඉක්මවා යයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 90,200ක් වන අතර එය චීනයන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන වූ 90,106ක් වූ ප්‍රමාණය ඉක්මවා යාමකි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 86,759ක් සුවය ලබා ඇති අතර ආසාදිතයින් 2895 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) දිනයේ දී මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බවට තහවුරු කළේ ය. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් – 19 ආසාදිතයින්ගෙන් 546 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top