බදුල්ල – ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදි අනතුරට පත් බසයේ රියැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය වන අවස්ථාවේ ඔහු කිසියම් මත් ද්‍රව්‍යයක් හෝ මත්පැන් ලබාගෙන තිබුණේ ද යන්න හෙළි කර ගැනීම සඳහා ඔහුගේ මුත්‍රා සහ රුධිර සාම්පල ලබාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පවසයි. එම ටිපර් රථයේ රියදුරු 45 හැවිරිදි තැනැත්තෙකු වන අතර ඔහු ඊයේ රාත්‍රීයේ පස්සර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
එම ටිපර් රථය ප්‍රතිවිරුද්ධ මාර්ගයෙන් බසය ඉදිරියට ධාවනය වන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක සඳහන් වී තිබිණි. එම කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරු ටිපර් රථය හඳුනා ගත් බව ද පොලිසිය කියයි.
