එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබු තීන්දුව නිෂ්ප්‍රභ කර තිබේ.
2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව එල්.ටී.ටී.ඊ. හිතවාදීන්විසින් බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.
2019 දෙසැම්බර් 06 වනදා වෙස්මිනිස්ටර් අධිකරණය විසින් තීන්දුව ලබාදෙමින් නියෝග කර ඇත්තේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩ මුදලක් නියම කරන ලෙසය.
එම නඩු තීන්දුවට අදාළව මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු විසින් අභියාචනයක් ගොනු කර තිබූ අතර එහි තීන්දුව ඊයේ (19) ප්‍රකාශයට පත් කරමින් බ්‍රිතාන්‍ය මහාධිකරණය මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇති බව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. එමෙන්ම අභියාචනය වෙනුවෙන් ඔහු වෙත නඩු ගාස්තු ගෙවන ලෙස ද චුදිත පාර්ශ්වය වූ එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායමට නියම කර තිබෙනවා.
